Saturday 7 July 2012

45% කින් නම් වැඩි කරන්නේ නෑ
විදුලි සේවක වැටුප ගැන ඇමැති චම්පික දැඩි ස්‌ථාවරයක...



        අනෙකුත් ආයතන සමඟ සංසන්දනය කරද්දී විදුලිබල මණ්‌ඩල සේවකයන්ට ඉතා ඉහළ වැටුපක්‌ ලබා දෙන බැවින් කිසිසේත්ම ඔවුන්ගේ වැටුප සියයට හතළිස්‌පහකින් ඉහළ දැමිය යුතු නැතැයි විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඊයේ (06 දා) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

ලංවිම සේවකයන්ට වසර තුනකට වරක්‌ වැටුප් වැඩිකරන බව ද ඒ අනුව මෙම වසරේ ද සියයට විසිපහකින් ඔවුන්ට වැටුප් වැඩි වීමක්‌ ලබාදුන් බව ද ඇමැතිවරයා කීවේය.

උද්ධමන අනුපාතය අනෙකුත් ආයතනවල සේවකයන්ට ලබා දෙන වැටුප් මෙන්ම ජීවන වියදම ද සැලකිල්ලට ගනිමින් සකස්‌ කරන සූත්‍රයකට අනුව ලංවිම සේවකයන්ට මෙම වැටුප් වැඩිවීම වසර තුනකට වරක්‌ ලබාදෙන බව කී ඇමැතිවරයා ඒ අනුව සියයට 25 කින් මෙම වසරේ වැටුප් වැඩි කළ බව ද කීවේය.

ලංවිම සේවකයන්ට සියයට හතළිස්‌ පහක වැටුප් වැඩිවීමක්‌ ලබා දිය යුතු නැතැයි කී ඇමැතිවරයා අපොස සාමාන්‍ය පෙළ සමත් ලංවිම ආධුනික කම්කරුවකුගේ මූලික වැටුප රුපියල් විසිපන්දහසක්‌ බව ද කීවේය.

රජයේ වෛද්‍ය නිලධාරියකුට පවා ගෙවනුයේ රුපියල් විසිනවදහසක මාසික වැටුපක්‌ බව කී ඇමැති පාඨලී චම්පික රණවක මහතා මෙම වර්ජනය ජීවන වියදම පිළිබඳ ගැටලුවක්‌ මත නොව දේශපාලන ප්‍රශ්න මත සිදු කරන්නක්‌ බව ද කීවේය.

ලංකා විදුලිබල මණ්‌ඩලය සේවකයන්ට යුතුකම් ඉටුකර ඇතැයි කී ඇමැතිවරයා මෙය අත්‍යවශ්‍ය සේවාවක්‌ බව ද එමනිසා කිසිවෙකුට කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකිරීමට හැකියාවක්‌ නැතැයි ද කීවේය.

කොළඹ දිස්‌ත්‍රික්‌ එජාප මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එසේ කීවේය.
●▬▬▬▬▬▬▬▬▬ ๑۩۩๑ ▬▬▬▬▬▬●
♥ මෙවන් දේවල් ඉදිරියටත් දැනගන්න අපේ ♥
♥ ලක්සිරස පුවත් Page එකට LIKE කරන්න. ♥
●▬▬▬▬▬▬▬▬▬ ๑۩۩๑ ▬▬▬▬▬▬●
අපගේ Face Book page පෑමිනෙන ආකාරය.
https://www.facebook.com/LaksirasaNews

No comments:

Post a Comment